Herbal Medicine





ආරෝග්‍යා පරමාලාභා
නීරෝගීබව උතුම් ම ලාභයයි.

ඉහත සදහන් උදාර ගාථා පාඨය පසක් කරමින් මගේ මේ සූදානම ඔබේ ලෙඩට ග්‍රී ලාංකික අගේ පාරම්පරික උරැමය වන හෙල වෙදකමෙන් ඔබට සහනයක් ගෙනඒමටය. ඔබට ඇති ඕනෑම රෝගයක් අපට කියන්න සියයට සියයක් නිවැරදි ආයුර්වේද වට්ටෝරැවThambapannii “ අපි ‍ෙදන්නමි. ඔබට අවශ්‍ය නම් ඉතාමත් අඩු මුදලකට ඔබගේ නිවසටම ලැබෙන්න සලස්වන්නම් ( ග්‍රී ලංකාව ඇතුලත පමණි )

මා විසින් ඔබට මේ ආයුර්වේද වට්ටෝරැ ගෙන එන්නේ ආයුර්වේද වෛද්‍ය කේ.එස් . පරණවිතාණ මහතාගේ ඍජු අධ්ක්ෂණය යටතේ හා මගපෙන්ව්ම අනුවය.

ඔබගේ රෝගය මට විද්‍යුත් තැපෑලෙන් එවන්න. මම අදාල ආයුර්වේද වට්ටෝරැව ඔබට කියන්නම්.

thambapanniaurweda@yahoo.com

ඔබට එදිනෙදා ජීවිතයේදී වැළදෙන රෝග කිහිපයක් සදහා බෙහෙත් වට්ටොරැ මෙන්න.

සිරැර කෙට්ටු වෙනවා

රෝගය

* . මසකට වරක් දෙවරක් සෙම්ප්‍රතිශ්‍යාව වැළදේ.උදේ කාලයේ සෙම් ගතිය අධික වේ. සෙම පිටවූ කල්හි මදක් සහනය දැනේ. ආශ්වාස කරන විට පපුවේ ශබ්ධයක් ඇතිවේ.ශරීරයද ක්‍රමයෙන් කෙට්ටු වන බව පෙනේ.

ප්‍රතිකාරය

ඔබ මෑතකදී විරේකයක් නොකලේ නම් විරේකයක් සදහා කිපියාවු සෙම් බැහැර කිරීම සදහාත් බටු දලු,ආඩතෝඩා දලු, නික දලු, කිරිඅගුන දලු ටික ටික ගෙන කොටා වණ්ඩුවේ තම්බා මිරිකා පෙරා බුද්ධරාජ, යෂ්ටි කල්ක එක් වර්ගයෙන් මදටිය ඇටයක ප්‍රමාණය මිශ්‍රකොට මීපැණී දමා උදේ හිස්බඩේ බොන්න. උදේට කැදවතුර , දවල්ට තැම්බුම් හොදි සමග බත් කන්න.

ඉන්පසු උදේ සවස කොල්ලු , බෙලිමුල් , අරළු , බුලු , නෙල්ලි, වියලි ඉගුරැ , ගම්මිරිස් , තිප්පිලි , කලුදුරැ , සූදුරැ , අසමෝදගම් , සිවිය මුල් කලද බැගින් ගෙන වතුර පත අට පතට සිදුවා පෙරා සීනි මීපැණි දමා දෙවේල බැගින් පත හයක් බොන්න.

ඉන්පසු උදේ සවස කට්ඵලාදී චුර්ණය සහ ශෘංග්‍යාදී චූර්ණය සමසේ මිශ්‍රකොට වරකට තේහැදි දෙකක ප්‍රමාණය නටන වතුරට දමා තැම්බෙන්න වසා තබා නිවුනාම පෙරා සීනිදමා බොන්න.

දවල්ට රෑට කෑමට පෙර ද්‍රාක්ෂෘරිෂ්ට මේසහැදි දෙක බැගින් බොන්න.

පාඨා තෛලය හිසේ ගාන්න. නාසයට උරා සෙම බැහැර කරන්න. පිනිබෑම , නිදිමරීම , තද අව්වේ සිටීම අගුනයි.

______________________________________________________________________________

නිතරම බඩ රිදෙනවා

රෝගය

* . කලක සිට පවතින කොන්දේ අමාරැව , බඩ පුරවා දැමීම , නිතර නිතර බඩේ අජීර්ණ ගතිය , මූණ දැවිල්ල , මුත්‍ර ටික ටික යෑම , පපුවේ වේදනාව , හුස්ම ගැනීමට පවතින අපහසුව ඇත්නම්

ප්‍රතිකාරය

මේ ප්‍රතිකාරය කරන්න. උදේ සවස නික මුල් , සුදුඵෑණු , මුරැන්ගා මුල් , දේවදාර , වියල් ඉගුරැ , සුවද කොට්ටන් මේවා කලං දෙක බැගින් වතුර පත අට එකට සිදවා පෙරා සීනි මීපැණි දමා දෙවේල බැගින් දින හතක් බොන්න.

දවල්ට රෑට කෑමට පෙර දශමූලාරිෂ්ටය මේස හැදි දෙක බැගින් වරකට බොන්න.

තැවිමට දොඹ ඇට , එරඩු ඇට , සුවද කොට්ටන් , කොට්ට පොල් මේවා ටික ටික ගෙන කොටා ‍ෙපාට්ටනි බැද වන්ඩුවේ තමිබා තවා නීර්ගුණ්ඩ්‍යාදී තෛලය ගාන්න.

______________________________________________________________________________

මුහුනේ කුරැලෑ පිරිලා

රෝගය

* . මගේ මුහුණේ කුරැලෑ මතුවීම ඇස් අවට කලු පැහැය , කලු ලප පවතී.

ප්‍රතිකාරය

ප්‍රතිකාරය වශයෙන් විරේක වීමට උදේ සවස අරඵ, බුලු , නෙල්ල , මුදුදරස්පලම් , සෙනෙහෙකොල , මදටිය අට බැගින් ගෙන වතුර පත අට එකට හිදුවා පෙරා උදේට සවිදලුණු ද සවසට‍ සිනි ද දමා දෙවේල බැගින් දිනක් බොන්න. ප්‍රමාණවත් තරමට විරේක නොවුනි නම් විරේක විම සදහා තව දිනක් බොන්න.

ඉන්පසු උදේ සවස කළු උක් පුරැක් , නෙලුම් දඩු , නෙලුම් රේණු , වැල්මී , මානෙල් අල , මුදුදරස්පලම් , රටඉදි , එලඉබුල් මැලියමි මේවා කලං එකහමාරක් බැගින් වතුර පත අට පතට සිදුවා පෙරා සීනි , මීපැණි දමා දෙවේල බැගින් දින හයක් බොන්න. ඉන්පසු උදේ සවස මංජිෂ්ටාදි ක්වාථය මේස හැදි දෙක දෙක බොන්න.

තෙල් බැදුම් , අච්චාරැ , ගිනියම් මාඵ වර්ග අගුණයි. පලා කොළ , පලතුරැ විතර ආහාරයට එක් කරගන්න.

මුහුණේ ගෑමට අරළු , බුළු , නෙල්ලි , සුදුහදුන් , ඉරමුසු , වැල්මී මේවායේ චූර්ණය ඇල්දියෙන් අඔරා ගාන්න.

__________________________________________

මුහුණ පුරා කුරැලෑ කැලැල්

රෝගය

* . බොහෝ කාලයක සිට මුහුණේ කුරැලෑ හට ගැනීම නිසා මහත් අපහසුතාවයෙන් පෙලේ. ඒ සදහා ප්‍රතිකාර කලද සුවයක් නැත. මේ නිසා මානසිකව දුක් විදින්නේද .

ප්‍රතිකාරය

පලමුව දොස් සමවය වීමට උදේ සවස දුම්මැල්ල , අරළු , බුළු , නෙල්ලි , රසකිද , ඇහැලපොතු , හාතවාරිය අල මේවා කලදයි මදටිය 14 බැගින් ගෙන වතුර පත අට පතට සිදුවා පෙරා උදේට සවිදලුණු සවසට සීනි දමා දෙවේල බැගින් දිනක් බොන්න. ප්‍රමාණවත් විරේක නොවුන් නම් විරේක වීම සදහා තව දිනක් බී දෙවේලටම සීනි , මීපැණි දමා එම කෂායම දින 5ක් බොන්න.

ඉන්පසු උදේ සවස හාතවාරිය අල , ඉරමුසු , සුදුහදුන් , සැවැන්න මුල් , ඉරැවේරිය දඩු , වැල්මී , වැල්මසට , මුදුදරස්පලම් , කූරතම්පලා මුල් , මානෙල් අල මේවා කලදයි මදටිය හතර බැගින් ගෙන වතුර පත අට පතට සිදුවා පෙරා සිනි මීපැණි දමා දෙවේල බැගින් දින 6ක් ‍ෙබාන්න.

දවල්ට රෑට කෑමට පෙර වන්දනාසවස හා උශීරාසවස සමසේ මිශ්‍රකර වරකට මේස හැදි දෙක බැගින් බොන්න.‍

මුහුණේ ගෑමට අරළු , බුළු , නෙල්ලි , රත්හදුන් , සුදුහදුන් , වැල්මී , ඉරමුසු මේවා සමව ගෙන චූර්ණ කර තැඹිලි වතුරෙන් අඹරා ගාන්න.

_________________________________________


මා විසින් ඉහත සදහන්කරනු ලැබුවේ සාමාන්‍ය ජීවිතයේදී අපට වැලදෙන රෝගාබාද කිහිපයක් සදහා ප්‍රතිකාර කිහිපයකි.

දැන් මා ඔබට ඉදිරිපත් කරන්නේ මෙහි සදහන් අපගේ විද්‍යුත් තැපැල් ලිපිනයට ලද ප්‍රශ්ණ කිහිපයකට පිලිතුරැය.එහි මා විසින් ඔවුන්ගේ නම් , ගම් ඉදිරිපත් නොකරන අතර ප්‍රශ්ණ පමණක් ඉදිරිපත් කෙරේ.මෙතැන් පටන් මා ඔබ ගේ ගැටලු සදහා පිලිතුරැ සටහන් කරමි.ඔබගේ ගැටලුවට පිලිතුරැ ලැබී ඇද්ද දැනගැනීමට නිරන්තරයෙන් මෙම පිලිතුරැ තීරය පිරික්සන්න.

2009 - 07 - 02

ප්‍රශ්ණය

* . මා වයස අවු.17 ක පාසැල් සිසුවියක් වෙමි.මා හට දැනට වසර 5ක සිටම මගේ මුහුනේ ඇස් වලට පහලින් කන් දෙක දක්වා කලු පැහැති ලප සෑදී ඇත. මුලදී ලා පාටය. මේවා දැන් මුහුණ පුරා පැතිර ඇත. මේ සදහා ඉංග්‍රීසි ප්‍රතිකාර ගත් නමුත් සුව නොවුනි. දිනෙන් දින රෝගය වැඩිවේ.

පිලිතුර

ඔබගේ රෝගය ප්‍රතිකාරයක් නොලබා කල්ගතවී තිබෙනවා. මේ ප්‍රතිකාර හා උපදෙස් පිලිපදින්න.

වැල්මදට , අරළු , බුලු , නෙල්ලි , කටුකරෝසන , වදකහ , වෙනිවැල්ගැට , කෙහොඹ පොතු , රසකිද යන මේවා කලං එක මදටිය 7 බැගින් ගෙන කෂාය කර සීනි , මීපැණි සමාා බොන්න . මාණිභද්‍ර චූර්ණය තේ හැද් එකක් උදේ සවස බොන්න. කෛ‍ෙශාරක ගුග්ගුලුව එක බැගින් උදේ සවස ගන්න. නෙල්ලි රසකිද තැම්බූ වතුර ‍ෙබාන්න. කටිඵල චූර්ණය නාසයට උදේ සවස උරන්න.

කිරි , පලතුරැ , ‍ෙකාලකැද දිනපතා ගන්න. තක්කාලි , අච්චාරැ වැනි අම්ල ආහාර හා හරක් මස් , බලමාලු වැනි උෂ්ණ ආහාර වලින් වලකින්න.

සුදුහදුන් ගල ගා මුහුණ වතුරින් තෙමා මුහුනේ ආලේප කර නැවත නැවත තෙමන්න. පසුව හොදින් අතුල්ලා නාන්න. ක්‍රමයෙන් සුව වේවි. බිය නොවන්න

2009 - 07 - 06

ප්‍රශ්ණය -

විසිවැනි වියේ පසුවන මා තරැණියක්මි. දැනට ටික කලක සිට රාත්‍රී සිහිනෙන් කවුදෝ කෙනෙකු නොයෙකුත් කෑම වර්ග දෙනවා. මා ඒවා අනුභව කරනවා. මෙය සිදුවීමෙන් පසු අවදි වූ විට බඩේ වේදනාව , මලබද්ධය , ආහාර අප්‍රිය යන මේවා ඇතිවේ

පිලිතුර -

මෙබදු රෝග “ කෙම්” කිරීමෙන් බොහෝ දෙනෙකුට සුව ලැබුනු බව අසන්ට තිබේ. දෙහි දලු , කුඔුරැ දලු , කොහොඔ දලු , ගම්සූරිය දලු , යක්වස්සන දලු , සමසේ ගෙන කහ යුෂින් අඹරා දේවදුරැ , දේවදාර , අබින් , තලිස්පතුර , පෙරැම්කායම් ටික ටික ගෙන චූර්ණ කොට තිබ්බොටු පමණ ගුලිකොට , පිරිසිදු පිරැවට කඩයක් ගෙන එම ගුලියක් ගැට ගසා හැදගෙන නින්දට යනු.

මේ අතර තිරැස්සවාලු , අරළු , මුදුදරස්පලම් , නෙල්ලි කලං තුන බැගින් ගෙන වතුර කාල් අට කාලට සිදුවා පෙරා උදේට සවිදලුණු , සවසට සවසට සීනි දමා දෙවේලට බොන්න. තව දින දෙකක් දෙවේලටම සීනි ,මීපැණී දමා එම කෂායම බොන්න.ඉන්පසු උදේ හවස පිප්පල්‍යාසවය මේස හැදි දෙක බැගින් බොන්න. දිනපතා නෑම හොදයි.

2 comments:

Unknown said...

මම අවු.18...ක තරුනයෙක්...අත්වල,කොන්දේ,පතුවල,
කකුල්වල
ඉතාමත් අදිකව රෝම වැවී ඇත.මෙයට ප්‍රතිකාර කියන්න...

idreusbachar said...

The virtual race tech titanium and iron rings
The virtual race tech titanium and iron rings. The virtual where is titanium found race tech titanium and iron rings. The virtual race tech titanium i phone case titanium and iron rings. The titanium wedding rings virtual ford focus titanium race tech titanium and titanium nail iron rings.